Type Here to Get Search Results !

ගංවතුර ගැසට්ටුවේ ගණිකා නිවාස සහ සමලිංගික රෙගුලාසි.. මාලිමාව ආණ්ඩුවේ “කොපි-පේස්ට්” පාලනය හෙළිවෙයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වත්මන් රජය විසින් ගංවතුර ආපදා තත්ත්වය පාලනය කිරීම සඳහා නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයට, ගණිකා නිවාස පවත්වාගෙන යාම සහ සමලිංගික කටයුතු සම්බන්ධ රෙගුලාසි පවා ඇතුළත් කර ඇති බවට බරපතල චෝදනාවක් එල්ලවී තිබේ.


‘බහුජන බලය’ සංවිධානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී නීතීඥවරයකු පෙන්වා දුන්නේ, ආණ්ඩුවේ නොදැනුවත්භාවය සහ පරිපාලනමය දුර්වලතාවය හේතුවෙන් පැරණි වගන්ති කිහිපයක් කිසිදු සොයා බැලීමකින් තොරව මෙලෙස “කොපි-පේස්ට්” කර ඇති බවයි.


ගංවතුර රෙගුලාසි යටතේ මෙවැනි කරුණු ඇතුළත් කිරීම හාස්‍යයට කරුණක් බව පෙන්වා දෙන ඔවුන්, ආණ්ඩුව නීතිමය ලේඛන සකස් කිරීමේදී දක්වන අලසභාවය මෙයින් මනාව පැහැදිලි වන බව ප්‍රකාශ කළහ.


“ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසනවා වෙනුවට, ආණ්ඩුව කර තිබෙන්නේ පැරණි පනත්වල තිබුණු ගණිකා නිවාස සහ සමලිංගික කටයුතු සම්බන්ධ රෙගුලාසි ගෙනත් මේ ගැසට්ටුවට ඔබ්බවන එකයි. මේක මාර කතාවක්. ගංවතුර රෙගුලාසි ඇතුළේ මෙහෙම වගන්ති තියෙන්නේ කොහොමද?” යැයි ඔවුහු ප්‍රශ්න කර සිටිති.


ආණ්ඩුව ඉතාම අත්තනෝමතික ලෙස සහ නොසැලකිලිමත් ලෙස කටයුතු කරන බව පවසන නීතීඥවරුන්, රටේ පවතින නීතිමය රාමුව පිළිබඳව හෝ ගැසට් නිවේදනයක අන්තර්ගතය පිළිබඳව වගකිවයුතු අංශවල අවධානය යොමු නොවීම බරපතල තත්ත්වයක් බව අවධාරණය කළහ.


මෙම “කොපි-පේස්ට්” ක්‍රියාවලිය හරහා ආණ්ඩුව තමන් කවුද යන්න නැවත වරක් ඔප්පු කරමින් සිටින බවත්, රටේ පරිපාලනය කෙතරම් අවුල් සහගත වී ඇත්ද යන්න මෙයින් මනාව පැහැදිලි වන බවත් ” බහුජන බලය’ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads