Type Here to Get Search Results !

පැරදුනු අයවැය විපක්‍ෂ එන්න පෙර න්‍යය පත්‍ර කඩා සම්මත කරගනී..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පාලක ජාතික ජන බල වේගයට බහුතර බලයක් හිමිව නැති හොරණ ප්‍රාදේශීය සභාවේ අයවැය වංචනික ආකාරයෙන් සම්මත කරගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.


සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා සඳහන් කරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස පැමිණි විගසම න්‍යාය පත්‍රයට පිටින් ගොස් මෙය සම්මත කරගෙන ඇති බවයි.


ඔහු මේ බව සඳහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.


------


හොරණ නගර සභාව තුල ඇති ඔරලෝසුවේ වේලාව විනාඩි 5 ක් වැඩිකර වංචනික හා නින්දිත අන්දමින් අය වැය සම්මත කරගැනීමට අද NPP එක සමත් විය.


අයවැව සඳහා බහුතර බලය නොමැති බව දැන ගෙන එක් වරක් පරාජය වී ඇති පසුබිමක NPP මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් අද දින මෙය සම්මත කරගන්නා ලදී.


විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව ආරම්භයට නියමිතව තිබූ පෙ. ව. 10.00 සභාව තුලට පැමිනෙන විට 9.55 අයවැය සම්මතකර පාලක පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගියේ ලේඛම්වරියගේද ආශීර්වාදය ඇතුවය.


න්‍යාය පත්‍රයට අනුව පෙ. ව. 10.00 සභාව රැස්වීමට නියමිතව ඇති අතර ආගම සිහි කිරීම, මියගිය සියලු මන්ත්‍රීවරුන් සිහිකිරීම පසුව ගිය විශේෂ මහ සභාවේ සභා වර්තාව සංශෝධනය කර ඒ සඳහා කරුනු ඉදිරිපත්කළ වාර්තාව සම්මත කිරීමෙන් අනතුරුව අයවැය දෙවනි වර කියවා සම්මත කිරීමට නියමිතව තිබුණ ද ආගමවත් සිහි නොකර විනාඩි 3 වැනි කෙටි කාලයක් තුල අයවැය වංචනිකව සම්මතකර කරගෙන ඇත.


වංචනික කටයුතු කිරීමේදී ආගම සිහි කිරීම හෘද ශාක්ෂියට එකඟ නොවන නිසා එය එසේ සිදු කලා යැයි සිතිය හැකි මුත් න්‍යාය පත්‍රය පසෙකලා කිසිම සදාචාරයක් නොමැති දේශපාලන කඳවුරක අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට මෙලෙස කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යයට මුණ බලා කෙළ ගැසීමකි.


මේ සෙල්ලන් තාවකාලික පැලස්ටර් බව වටහාගෙන මෙම ක්‍රීඩාවන්හි යෙදීම නුවණට හුරු වනු ඇත. මෙම වසලයන්ගේ යථාර්ථය අප ජනතාවට හෙළි කරන දවස දුර ඈතක නැත.. එතෙක් සතුටෙන් සිටින්න.
චරිත් අබේසිංහ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads