Type Here to Get Search Results !

මාලිමා මන්ත්‍රිනී සැමියා හා ගම්මු අතර ගුටි බැට හුවමාරුවක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජාතික ජන බලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ සැමියකු විසින් ගම්වාසින් පිරිසකට පහර දෙන අයුරුත් ඔවුන් ද පෙරළා එම පුද්ගලයාට පහර දෙන ආකාරයක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.


පුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇත්තේ ගම්මානයේ ඇති අබලන්වූ මාර්ගයක් හරහා බොරළු ප්‍රවාහන ලොරි රථ ගමන් කිරීමකට විරෝධය පළ කිරීමකින් පසුවයි.


ගම්වැසියන් චෝදනා කළේ ගංවතුර ආපදාවට ලක් වූ තමන්ට කිසිදු සහනයක් නොලැබුණු බවත් ආසන්නයේ ගම්මානයක පාරක් සැදීම සඳහා කියමින් බොරොල් වළකින් බොරලු ඇදීම සඳහා මෙම මාර්ගය භාවිතා කිරීමෙන් එය තවදුරටත් අබලන්වන බවත්ය.


එම අවස්ථාවේ එහි පැමිණි අදාළ මන්ත්‍රීවරයගේ සැමියා සහ ගම්වාසින් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී පසුව එය ගුටි බැට හුවමාරුවක් දක්වා පරිවර්තනය විය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads