Type Here to Get Search Results !

ශාන්තගේ ගංජ හේන් කතාව සජිත්ලා හා සූරියකන්ද OIC කුමන්ත්‍රණයක්..- මාලිමා මන්ත්‍රී


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ආපදාව භාවිත කරමින් ආණ්ඩුව වැට්ටවීම සඳහා වර්තමාන විපක්ෂය ඉතාම පහත් දේශපාලනයක නිරත වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පවසයි.


රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ගංජා හේනක් පිළිබඳ ප්‍රවෘත්තිය සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ සූරියකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා එකතු වී සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.


ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට එරෙහිව ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා සූරියකන්ද පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට මහජන ආරක්ෂක කමිටුව හමුවේ දොස් පැවරීම නිසා ඔවුන් මන්ත්‍රීවරයා සමග වෛර බැඳගෙන ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.


අදාළ ඉඩමේ ගංජා පැල දෙකක් තිබුණ ද එය ගංජා හේනක් යැයි ප්‍රචාරය කර ඇති බවත් එහි සේවය කළ දෙදෙනා එම ඉඩම ශාන්ත පද්මකුමාරගේ යැයි ප්‍රකාශ කිරීමට පොළඹවා ගෙන ඇති බවත් අසිත නිරෝෂණ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.


ඔහු මේ බව සඳහන් කළේ දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads