Type Here to Get Search Results !

‘රංවල ඇවිත් සමාවෙන්න කීවා.. පුතා ඇවිත් ගණං ගන්න එපා කීවා..’- රිය අනතුරින් තුවාල වූ දරුවාගේ පියා...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා විසින් පදවන ලද ජීප් රථයක් ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ මාස හයක් පමණ වයසැති කුඩා දරුවාගේ තත්ත්වය බරපතල බවත්, අනතුර සිදු වී පැය ගණනක් ගතවන තුරු මන්ත්‍රීවරයා බීමතින් සිටියේ දැයි පරීක්ෂණයක් සිදු කර නැති බවත් දරුවාගේ පියා සහ ඥාතීන් පවසති.


අනතුරෙන් තුවාල ලැබූ මාස හයේ දරුවාගේ හිසේ පිටුපස අඹ ගෙඩියක තරම් ලොකු ගෙඩියක් ඇති වී ඇති බව දරුවාගේ පියා සඳහන් කරයි. දරුවා මේ වන විට අඬන බවත්, කිරි නොබොන බවත්, හිසේ ඇති වූ ඉදිමුම තවමත් බැස නැති බවත් ඔහු පවසයි.


ඊට අමතරව තම මවගේ කකුල සම්පූර්ණයෙන්ම ස්ථාන දෙකකින් කැඩී ඇති අතර, මව සහ බිරිද මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර, ශල්‍යකර්ම සඳහා සූදානම් කර ඇති බවත් ඔහු කියයි.


දරුවාගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මන්ත්‍රී අශෝක රන්වල මහතා තමා හමුවීමට පැමිණ "මගේ අතින් වරදක් වුණා, මට සමා වෙන්න" යැයි පැවසූ බවයි.


"ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ" යැයි රන්වල මහතාගේ වෛද්‍ය පුතා පැවසූ බවත් එම ප්‍රකාශය නිසා තමාට තවත් කෝපය වැඩි වූ බවත් ඔහු කීය.


අනතුර සිදුවී අද වනතුරුත් මන්ත්‍රීතුමා බීමතින් සිටියේද යන්න පිළිබඳව පරීක්ෂණයක් කර නැති බවට දරුවාගේ පියා චෝදනා කරයි.


මන්ත්‍රී රන්වල මහතා අනතුර සිදුවී පැය ගණනකට පසු, මධ්‍යම රාත්‍රී 12ට පමණ රෝහලට පැමිණ ඇති අතර, ඔහු රුධිර පීඩනය වැඩි වී ඇතැයි පවසමින් රෝහල්ගත වී ඇත. ඔහු රෝද පුටුවකින් රෝහල තුළට ගිය බව දරුවාගේ පියා දැක තිබේ.


තුවාල ලැබූ දරුවාගේ මව සහ ආච්චි ජාතික රෝහලේදී ට්‍රොලි දෙකක සිටියදී, ඔවුන්ගේ ඥාතීන්ට ඇතුළට යාමට ඉඩ නොදුන් බව දරුවාගේ ඥාතීන් කියා සිටියි. එහෙත්, මන්ත්‍රීවරයාගේ ආදාරකරැවන්ගේ වාහන කෙළින්ම රෝහල ඇතුළට ගෙන ගිය බවට ඔවුන් චෝදනා කරයි.


තවද, අනතුර සිදුවූ ස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පස් හය දෙනෙකු පැමිණි බවත්, ඔවුන් විසින් තමාට කතා කිරීම සඳහා නීතිඥවරයෙකුගේ සම්බන්ධීකරණ අංකයක් ලබා දුන් බවත් දරුවාගේ ඥාති සහෝදරියක් සඳහන් කළාය.


පියා සහ ඥාතීන් පවසන්නේ තමන්ට රෝහල තුළට යාමට නොදුන් අවස්ථාවලදී පවා ඔවුන්ට පහසුවෙන් රෝහල තුළට ඇතුළු වීමට ඉඩ ලැබුණු බවයි


වීඩියෝව බලන්න..

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads