සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩුලයකට අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිලධාරිනියක වගකීම බාරගෙන තිබේ.
BBC වෙත අදහස් පළ කරමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරන මහත්මිය සඳහන් කර ඇත්තේ වෙබ් අඩවියේ නම ඇතුළත් කිරීමේදී එය පරීක්ෂා නොකිරීමේ වගකීම තමන් භාරගත යුතු බවයි.
ඇය එම පුවත් සේවය සමඟ මෙසේ සඳහන් කර තිබුණාය.
"නම දානකොට අපිට කියන්න පුළුවන් NIE එක හැටියට ඒ නම ඒ ඇක්ටිවිටි එකේ පාවිච්චි කරන එක ගැන හොයලා බලන්න තිබුණා කියන ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ."


