සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
වත්මන් දේශපාලන තත්ත්වය තුළ කිසිදු මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට මාලිමාවට නොහැකි බව තහවුරු වී ඇති බැවින්, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර කිහිපයකින් දීර්ඝ කර ගැනීමේ සූදානමක් පවතින බව හිටපු පලාත් සභා මන්ත‍්‍රී වරුණ රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, රජයේ ප්‍රබලයින් පිරිසක් පැවැත්වූ රහසිගත සාකච්ඡාවකදී දැනට පවතින තත්ත්වය අනුව ඕනෑම මැතිවරණයකින් මාලිමාව පරාජයට පත්වන බවට කරුණු අනාවරණය වී ඇති බවයි.
මේ හේතුවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ ඇතුළු මැතිවරණ නොපැවැත්වීමට ඔවුන් තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.
වරුණ රාජපක්‍ෂ මහතා පවසන පරිදි රජයේ මුල් සැලසුම වී තිබුණේ 2028 වසරේ ජනාධිපතිවරණයක් පවත්වා ජයග්‍රහණය කිරීම වුවද, වර්තමානයේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පිරිහී යාම නිසා එම සැලසුම වෙනස් කිරීමට සිදුව තිබේ. ජනාධිපතිවරයා දුර්වල සහ වැඩ බැරි පුද්ගලයෙකු ලෙස සමාජය තුළ මතයක් ගොඩනැගෙමින් පවතින බැවින්, ජනාධිපතිවරණයක් පවත්වා ජයග්‍රහණය කළ නොහැකි බව මෙම පියවරට ටොමුව ඇතැයි හෙතෙම කියයි.
මේ සඳහා විකල්පයක් ලෙස, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය සූදානම් වන බව ඔහු අනාවරණය කළේය.
එම සංශෝධනය හරහා නව ව්‍යුහයක් සකස් කරන තෙක් වත්මන් පාර්ලිමේන්තුව තවත් වසර හතරක හෝ පහක කාලයක් පවත්වාගෙන යාම සඳහා විශේෂ වගන්තියක් ඇතුළත් කර එය ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීම රජයේ නව සැලසුම බව ඔහු වැඩිදුරටත් පැවසීය.


