Type Here to Get Search Results !

මොඩියුලයට Buddy.net දැමූ මහාචාර්ය දුව මාලිමාවෙන් ගිය ඡන්දෙටත් ඉල්ලලා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයයේ මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවියක් ඇතුළත් කිරීමට සම්බන්ධ බව කියන ආචාර්යවරයාගේ දුව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එන්.පී.පී.යෙන් ඡන්දය ඉල්ලා ඇතැයි ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් අමිල සඳරුවන් පැවැසීය.


කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කී ලේකම්වරයා මෙසේද පැවසීය.


‘‘ලිංගික අධ්‍යාපනය කියන එක රටකට අවශ්‍යයයි. නමුත් ඒ සඳහා වන ප්‍රමිතීන් තිබෙනවා. නියාමයන් තිබිය යුතුයි. මොඩියුල සකස් කිරීමට ප්‍රාමාණික වියතුන් සම්බන්ධ කර ගන්න කියලා අපි කිව්වා. දෙමව්පියන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේවට සම්බන්ධ විය යුතුයි. විශ්වවිද්‍යාලවල තියෙන අධ්‍යාපන පීඨ හතරෙන් කිසිම ආචාර්යවරයෙක් සම්බන්ධ කර ගත්තේ නැහැ. මේ ප්‍රතිසංස්කරණ බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් ඒක. මේ ප්‍රශ්න සහගත මොඩියුලය පාසල්වලට යවනකල් කිසිකෙනෙක් දන්නේ නැහැ. සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. ප්‍රශ්නය ඊටත් එහා ගිහිල්ලා තියෙන්නේ.


ඒ මොඩියුලය සකස් කළ කර්තෘ මණ්ඩලය සහ උපදේශක මණ්ඩලයේ මරු පිරිසක් ඉන්නවා. ඒ උපදේශක මණ්ඩලයේ ඉන්නවා ජාතික අධ්‍යාපන ආයතනයේ එක ආචාර්යවරයෙක්. ඔහුට විරුද්ධව විගණන පරීක්ෂණයක් කරලා වාර්තාවක් තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් නොමැතිව තනතුරු දරලා මූල්‍ය වංචාවක් කරලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කරලා තියෙනවා. දුව එන්.පී.පී. එකෙන් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වුණු කෙනෙක්. මේ තොරතුරු ගැන ආණ්ඩුව වගකියනවාද?


ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපපන ලේකම්වරයා, අධ්‍යාපන ඇමැතිවරිය තමන්ට විරුද්ධව ද සී.අයි.ඩී. යන්නේ? ඔවුන්ට මේ ප්‍රශ්නය අපි කිව්වානේ කලින්. ඔවුන් හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනෑ. එන්.පී.පී. එක තමන්ගේ බල ව්‍යාපෘතිය ඇතුළේ මේ කළ වැඩේ වහගන්නේ කොහොමද කියලා අපි අහනවා. ඔය ආචාර්යවරයා ගැන අපි හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා. මෙයාව මේ වැඩේට ගන්න එපා කියලා අපි කිව්වා නමුත් ඇහැව්වේ නැහැ.’’


Aruna

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads