සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තවත් මරාලයක් පාත් වී ඇතැයි මාධ්‍යවේදී උවිදු කුරුකුළසූරිය මහතා සඳහන් කරයි.
ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ මේ හරහා සම්පූර්ණයෙන්ම ජාතිවාදය පැතිරීමක්ද සිදුවෙමින් ඇති බවයි.
ඔහු විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
හරිනිගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට තවත් මරාලයක් පාත්වෙලා. වාර්ගික ඒකාකෘත කිරීම ගැන ලොකු සාකච්ඡාවක් යනව නයිජීරියානු දරුව ගැන කියල තියෙන විදිය සහ අනිත් අය ගැන කියල තියෙන විදිය ගැන. ඒක හරි.
දැන් මේකට නම් CID දුවල වැඩක් නැහැ, මුලු පොතම අයින් කරන්න වෙනව. මේක සම්පූර්ණයෙන්ම ජාතිවාදය පැතිරවීමක්. වගකීම බාරගෙන කවුද ඉල්ලා අස්වෙන්නෙ කියල බලන් ඉමු ඉතිං!
මට මතක් වෙන්නෙ, මෙන්න මේවගේ ජාතීන් ස්ටෙරියොටයිප් කිරීම තාම ලෝකයේ සිදුවෙන නිසා එංගලන්ත අධ්‍යාපනයෙ 7 පන්තියෙ දරුවන්ට තම තමන්ටම තනියම ජාතිවාදය ගැන ලියන්න පැවරීමක් දීල, ඒ දරුවො අතින් ලියවිලා තියෙන වැරදි ප්‍රසිද්ධියේ පන්තියෙදි සාකච්ඡා කරනව. අරමුණ තමයි දරුවන්ගෙන්ම ජාතිවාදය පැතිර යාම වැලැක්වීම. එක එක ජාතීන්ට එරෙහිව මේවගේ නරක අදහස් පැලපැදියම් වීම දුරුණු පිළලයක්



