Type Here to Get Search Results !

අගමැතිට සමාජ ජාලවල මඩ ගහනවා කියා CID පැමිණිල්ලක් දමයි...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ජාලාවල සටහනක් පළ කළ බව කියන මහනුවර ප්‍රධාන පෙළේ බාලක පාසලක විද්‍යා ගුරුවරයෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.


මධ්‍යම පළාත් ආණ්ඩුකාර සම්බන්ධීකාරක සම්පත් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ඇති මෙම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ අදාළ ගුරුවරයා විසින් අඳින ලද අගමැතිනියගේ චිත්‍රයක් සමඟ පළ කර ඇති සටහනකින් ඇයට දැඩි ලෙස අපහාසයක් සිදු කර ඇති බවයි.


මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ අදාළ විදුහලේ විදුහල්පතිවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව මේ වන විටත් විනය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads