Type Here to Get Search Results !

රතු නිවේදන - හෙට සවස 5.30ට ලංකාවට ඇතුල් වෙයි - වහාම ආරක්ෂා වෙන්න


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (08) උදෑසන 10.30 නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වන අතර ඒ අනුව ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසද සදහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන ආකාරයට මෙම තත්ත්වය නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළුවීමට බොහෝදුරට හැකියාව ඇත.

තවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති රතු නිවේදනය අනුව, නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි මෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.

මුලතිව්, වව්නියාව, කිලිනොච්චි, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයට විටින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ඇතැම් ස්ථානවලට මි.මී 100- 150ක පමණ තද වැසි ඇති විය හැකිය.

මේ අතර යාපනය, මන්නාරම මෙන්ම ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට සහ මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි හෝ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads