Type Here to Get Search Results !

ජපානයේ රැකියා අවස්ථා.. මේ සුදුසුමක් තියෙනවනම් දැන්ම ජපානෙට..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඊයේ (07) දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ලැබෙන අවබෝධතා ගිවිසුමකට අත්සන් කොට ඇත.


ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් හා ජපානය වෙනුවෙන් එහි සභාපති Kazuhiro Hanzaki විසින් ජපානයේ Enterprise United Co-operative ආයතනය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇත.


මෙසේ අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්‍රයට අදාළ රැකියා අවස්ථා ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය සුදුසුකම්ලත් (NVQ) ශ්‍රමිකයින්ට හිමිවන අතර ජාතික වෘත්තීය සුදුසුකම හිමි වයස අවුරුදු 20-28 ත් අතර, අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ, තරුණ පිරිස් මේ සඳහා තෝරා ගනු ලබයි.


මිට අමතරව ජපන් භාෂාව හදාරා තිබීම අතිරේක සුදුසුකමක් වන අතර, ඒ සඳහා අදාළ පුහුණුව ලබාදීමටද මෙම ගිවිසුම මගින් කටයුතු කර ඇත. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමි වූ අතර ඒ අනුව ජපන් භාෂාව පුහුණු කිරීම් හා වෘත්තිය පුහුණු කිරීම් කටයුතු ජාතික තරුණ සේවා සභාවේ සපුගස්කන්ද වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකිරීමට නියමිතයි.


අමාත්‍ය මණ්ඩල තීරණවලට අනුව ජාතික තරුණ සේවා සභාව, වෘත්තිය පුහුණු අධිකාරිය, NAITA, VTA, කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ අධිකාරිය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා බැංකුවේ ලියාපදිංචි, සුදුසුකම් ලත් පිරිස් තුළින් තෝරාගනු ලබන අතර සියළුම බඳවාගැනීම් රජයේ වැඩපිළිවෙල අනුව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් සිදු කරනු ලබයි.


මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය සුදත් යාලේගම, ජපානයේ Enterprise United Co-operative ආයතනයේ ප්‍රධාන උපදේශක Yoshiko Nakayama, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ අධ්‍යක්ෂ විශ්ව නිරන්ත කුරුවිට, එහි සාමාන්‍යාධිකාරී සී.පී. ලොකුගලප්පත්ති යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads