Type Here to Get Search Results !

මාලිමා මන්ත්‍රීට බැන්නා කියා ග්‍රාම සේවක අත්අඩංගුවට...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වත්තල ප්‍රදේශයේ සේවය කරන 33 හැවිරිදි ග්‍රාම නිලධාරියෙකු, මත්පැන් පානය කර සිය සේවා ස්ථානය තුළ අශෝභන ලෙස හැසිරෙමින් මහජන නියෝජිතයෙකුට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර නිලධාරියා සිය රාජකාරි කාමරය තුළ බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින්, වත්තල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන එල්.එම්.ජේ. පෝල් මහතාට බැන වැදී ඇත.


වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරීවරයා විසින් පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.


අදාළ මන්ත්‍රීවරයාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ මඟපෙන්වීමෙන් වත්තල පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


රාජකාරි වේලාව තුළ බීමත්ව නොමනා ලෙස හැසිරීම හේතුවෙන් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads