Type Here to Get Search Results !

ගල් අගුරු බාල බව ඇත්ත.. ඒත් කිසිම හොරකමක් නෑ..- ලාල් කාන්ත


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

රටට ආනයනය කරන ලද ගල් අඟුරු බාල බවට පැතිර යන කතාවල සත්‍යතාවක් පවතින නමුත්, එහි කිසිදු ආකාරයක වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, වර්තමාන රජය යටතේ ගල් අඟුරු ටෙන්ඩර් පිරිනැමීම පැරණි ක්‍රමවේදයෙන් බැහැරව ඉතා විනිවිධභාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා සිදු කරන බවයි.


අතීතයේදී මෙන් කැබිනට් මණ්ඩලය මගින් තමන්ට රුචි පුද්ගලයන්ට ටෙන්ඩර් ලබා දීමේ ක්‍රමයක් දැන් ක්‍රියාත්මක නොවන බවත්, අලුත් පාර්ශ්වයන්ට මෙවර ටෙන්ඩරය හිමිව ඇති බවත් ඔහු පැහැදිලි කළේය.


බාල ගල් අඟුරු සැපයීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එවැනි බාල තත්ත්වයේ ගල් අඟුරු සැපයීම නිසා රජයට සිදුවන අලාභය අයකර ගැනීමට අදාළ ආයතන සමඟ පවතින ගිවිසුම් ප්‍රකාරව විශේෂ සූත්‍ර සහ ක්‍රමවේද පවතින බවයි.


ඒ අනුව අදාළ අලාභයන් අයකර ගැනීමට කටයුතු කරනවා මිස මෙහිදී කිසිදු හොරකමක් සිදුව නොමැති බව ඔහු අවධාරණය කළේය.

විපක්ෂය නඟන චෝදනා පිළිබඳව අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂයක ස්වරූපය සැමවිටම ආණ්ඩුව විවේචනය කිරීම බවයි. ඇතැම් විවේචන සඳහා සත්‍ය පදනමක් අවශ්‍ය නොවන අතර, කාලයත් සමඟ එම චෝදනා ඉබේම නිෂ්ප්‍රභ වී යන බවද ඔහු පැවසීය. ගල් අඟුරු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කර ඇති අතර, විපක්ෂය පවසන ආකාරයේ ගල් යුගයට යාමක් මෙහිදී සිදු නොවන බවත් ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.


රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව ආර්ථික අභියෝග ජයගනිමින් සාර්ථක ගමනක් යමින් සිටින බවත්, ජනතාව මෙම දේශපාලන විවේචන තේරුම් ගත යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads