Type Here to Get Search Results !

ඒ ඝාතන තුනම හුදෙකලා සිද්ධි.. සංවිධානාත්මක ස්වරූපයක් නෑ.. ජනතාවට බය වෙන්න දෙයක් නෑ...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මත් උවදුර සහ අපරාධ මැඩලීමට ගෙන යන දැඩි තීන්දු නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ ගොස් ඇති බව වෙරිටේ සමීක්ෂණය අනුවද තහවුරු වන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

"එක ළඟ සිද්ධි තුනක් වුණා. අකුරේගොඩ සිද්ධියයි, උතුරු කොළඹ සිද්ධියයි, තව දකුණේ එකක් වුණා. අපි සහතික කරලා කියනවා සිද්ධි තුනේ සම්බන්ධයක් නැති බව. සිද්ධි තුන එකිනෙකට සම්බන්ධ නැති හුදෙකලා සිද්ධි. සංවිධානාත්මක ස්වරූපයක් මේ සිද්ධිවල නෑ.


විපක්ෂේ පොදු මතය චක බ්ලාස් කරලා තියෙන්නේ. වෙරිටේ සමීක්ෂණයේ වඩාත් කැපී පෙනෙන සොයා ගැනීමක් වන්නේ වත්මන් රජය කෙරෙහි මහ ජනතාව දක්වන ඉහළම ප්‍රසාදය ලැබී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්දනයට රජය ගෙන යන දැඩි ක්‍රියාමාර්ගය හේතුවෙනි.


ඒ කියන්නේ බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මිනිස්සුන්ට හැඟීමක් ගිහින් තියෙනවා, රටේ නීතිය ක්‍රියාත්මක කරන්න සමාජය වෙලාගෙන තියෙන මත් උවදුරු අහෝසි කරන්න රජය අවංක මැදිහත් වීමක් කරලා තියෙනවා කියලා."


සියත රූපවාහිනියේ සාකච්ඡාවකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads