Type Here to Get Search Results !

විදුලිය කපපු කාලෙ භාවිත කල තාක්‍ෂණික උපකරණ දැන් භාවිතා කර රජයට සහාය දෙන්න..- චතුරංග


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

නපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


විදුලි ඉල්ලුම උපරිම වන (Peak Demand) මෙම කාලසීමාව තුළ විදුලි පාරිභෝජනය යම් ප්‍රමාණයකට අඩු කර ගැනීම මගින් බලශක්ති ක්ෂේත්‍රයට විශාල ශක්තියක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.


වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අතීතයේ විදුලිය කප්පාදු කළ කාලවල් වලදී ජනතාව අඳුරේ සිටීමට හුරු වී සිටි බවත්, එම කාලසීමාවන්හිදී භාවිත කළ විවිධ විකල්ප තාක්ෂණික උපකරණ තවමත් බොහෝ නිවෙස්වල පවතින බවත්ය.


එම පැරණි උපකරණ සහ ක්‍රමවේදයන් රාත්‍රී කාලයේදී යළිත් භාවිතයට ගැනීමෙන් උපරිම විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීමට ජනතාවට දායක විය හැකි බව ඔහු අවධාරණය කළේය.
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම හරහා පවතින බලශක්ති අභියෝග ජය ගැනීමට සහය වන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads