Type Here to Get Search Results !

හදුන්නෙත්ති ගිය ලෑන්ඩ් කෲෂරය ඒ මොහොතට යාළුවෙක් දුන්න එකක්..- මාලිමා මන්ත්‍රී


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා ලෑන්ඩ් කෲෂර් වර්ගයේ සුඛෝපභෝගී රථයකින් පොළොන්නරුව බලා යාම සම්බන්ධයෙන් සමාජය තුළ ඇති වී තිබෙන කතාබහ පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මහතා අදහස් පළ කර තිබේ.

විපක්ෂය සැමවිටම උත්සාහ කරන්නේ රජයේ යම් දුර්වලතාවක් මතු කරගෙන ඒ හරහා ජනතාව පෙළඹවීමට බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනතාවට නැති වරප්‍රසාද හෝ පහසුකම් තමන්ට අවශ්‍ය නොවන බවට ජාතික ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කර ඇති අතර එම ප්‍රකාශයන් සත්‍ය බවත්, ඒවා බොරු නොවන බවත් ඔහු අවධාරණය කළේය.

එසේ වුවද, ඇතැම් අවස්ථාවලදී වළක්වා ගත නොහැකි තත්ත්වයන් මතු විය හැකි බවත්, මෙලෙස ඇතැම් දේවල් අඩු වැඩි වශයෙන් උච්චාවචනය විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සුනිල් හඳුන්නෙත්ති මහතා ගමන් ගත් එම වාහනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සේන නානායක්කාර මහතා කියා සිටියේ, එය ඇතැම් විට යම් පුද්ගලයෙකු විසින් එම මොහොතේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කරන ලද වාහනයක් විය හැකි බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads