Type Here to Get Search Results !

ඉන්ධනවලින් රජයට තවම පාඩුයි.. දෙසීයකින් වැඩි කරන්නැයි සමාගම් ඉල්ලුවා.. කොතරම් කල් අල්ලන් ඉන්න හැකිදැයි කියන්න බෑ..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඉන්ධන මිල ඉහළ නොදමා පවත්වාගෙන යාම සඳහා රජය දැඩි මූල්‍ය පීඩනයක් දරා සිටින බව ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති ප‍්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංකාවේ තෙල් පරිභෝජනයෙන් බහුතරයක් දැනට පෞද්ගලික අංශය හරහා සිදුවන බවයි. පාඩු ලබමින් ව්‍යාපාර සිදු කිරීමට පෞද්ගලික අංශය මැලි වන බැවින්, දැනට පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල රුපියල් 140 සිට රුපියල් 200 දක්වා ප්‍රමාණයකින් වැඩි කරන ලෙස ඔවුන් ඉල්ලීම් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

එසේ වුවද, රජය සහ පෞද්ගලික අංශය එක්ව එම බර දරා ගනිමින් සහනදායී මිලකට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව මේ වන විට ඩීසල් ලීටරයකින් රුපියල් 100ක පාඩුවක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක පාඩුවක් රජය විසින් විඳ දරා ගනු ලබයි.

මෙම සහන ලබා දීම හේතුවෙන් රජයට මසකට සිදුවන සමස්ත පාඩුව රුපියල් බිලියන 20ක් පමණ වන බව ද ඔහු අනාවරණය කළේය.

පවතින ඉරාන යුද්ධය කවදා අවසන් වේද යන්න පිළිබඳව නිශ්චිත තත්ත්වයක් නොමැති හෙයින්, ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ මෙම පාඩුව තවදුරටත් දරා ගනිමින් ඉදිරියට යාම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads