Type Here to Get Search Results !

මාස ගාණකට තෙල් තියෙනවා.. අවුරුද්දට ගමන් යන්න කළමණාකරණය කරනවා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මෙරට සතුව ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත පවතින නමුත්, ඒවා තිබූ පමණින් අනිසි ලෙස වියදම් කළ නොහැකි බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අවධාරණය කරයි.

ඉදිරියේදී එළඹෙන උත්සව සමය හේතුවෙන් ජනතාවගේ ගමන් බිමන් සහ ඉන්ධන භාවිතය විශාල වශයෙන් ඉහළ යන බව පෙන්වා දෙන අමාත්‍යවරයා, එම ඉල්ලුමට සරිලන පරිදි ඉන්ධන කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය.


එමෙන්ම, පවතින ඉන්ධන තොග අරපිරිමැස්මෙන් සහ සැකසුරුවම් ලෙස භාවිත කිරීම තහවුරු කිරීම සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දුන් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads