Type Here to Get Search Results !

රෝහලේ තිබූ තරුණියකගේ මළ සිරුරක් රෝහල් සේවකයින් දූෂණය කරලා.. විරෝධතා...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

දික්ඔය මූලික රෝහලේ පෂ්චාත් මරණ පරික්ෂණය සදහා මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබු අවුරුදු 23ක් වයසැති කාන්තාවකගේ සිරුර එම රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු විසින් රාත්‍රී කාලයේ දුෂණය කළේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමිනි වතු කම්කරුවන් පිරිසක් රෝහල් පරිපාලනය එරෙහිව උද්ගෝෂණයක නිරත විය.

හැටන් පොලිස් වසමට අයත් ඇබෝස්ලි වතුයායේ පදිංචිව සිටි එස්.හරිනි නැමති 23 හැවිරිදි කාන්තාව පවුල් ආරවුලක් හේතුවෙන් නිවසෙන් ඉකුත් (23) දින සිය දිවි හානි කර ගැනිමෙන් පසු හැටන් පොලිසියේ නිළධාරින් ඒ පිලිබද විධිමත් පරික්ෂනයක් පවත්වා සිරුර පෂ්චාත් මරණ පරික්ෂනය සදහා දික්ඔය මුලික රෝහලේ විශෞෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සිරුර එදින රාත්‍රියේ දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබුණි.

එදින අලුයම මෘත ශරීරාගාරයට ඇතුලු වූ එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු මෘත ශරීරාගාරය වෙත ගොස් එහි ඉබි යතුරු කඩා මෘත ශරීරයේ තිබු ඇදුම් ගලවා ඇති බවට එම රෝහලේ මෘත ශරීරාගාරයේ භාර කරු විසින් දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත පැමිණිලි කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය තරුණියගේ ඥාතීන් විසින් රෝහල් පරිපාලයෙන් කරුණා විමසා ඇත.

එම සිද්ධියට මේවන තෙක් රොහලේ පාලන අධිකාරිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසමින් වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතියක ප්‍රාදේශිය නායකයින් සහ වතු කම්කරුවන් පිරිසක් දික්ඔය මුලික රෝහල ඉදිරිපිට හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ (03) දින උදෑසන උද්ගෝෂණයක් සිදු කරනු ලැබූහ.

එම උද්ගෝෂකයන් නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගය පිලිබදව රෝහල් අධ්‍යක්ෂකවරයා සහ රෝහලේ පාලන අධිකාරිය විසින් පැමිණ තමන් හමුවේ කරුණු දක්වන ලෙසයි.

එම ඉල්ලීම අනුව නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂක දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එස්. ෆසීල් මහතා උද්ගෝෂකයන් හමුවට පැමිණ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් විගසම රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදි රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු (24) දින අලුයම මෘත ශරීරාගාරය වෙත ගොස් පැමිණෙන අයුරු දත්ත ගබඩාවේ සටහන් වි තිබු බවයි .

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කණ්ඩායමක් පත් කල බවත්, එම කණ්ඩායම විසින් (03) දින එහි විමර්ෂණ කටයුතු ආරම්භ කල බවයි.

එම පරික්ෂණය අපක්ෂපාතීව සිදු කරන බවත්, තම රෝහලේ සේවකයන් යම් වරදක් සිදු කර ඇත්නම් එයට උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවද රෝහල් අධ්‍යක්ෂකවරයා උද්ගෝෂකයන් හමුවේ කියා සිටියා.

මෙහිදි උද්ගෝෂකයන් කියා සිටියේ, පවත්නා තත්වය මත රෝහලේ ප්‍රතාකර සදහා පැමිණෙන කාන්තාවන්ගේ ආරක්ෂාව පිලිබද ගැටළුවක් පවත්න බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට පත් කල ත්‍රිපුද්ගල කමිටුව විසින් සිදු කරන පරික්ෂණය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් නොමැති බවත්, ඒ අනුව මෙහි විමර්ෂණ කටයුතු පොලිසිය විසිනුත් සිදු කල යුතු බවයි.

එම සිද්ධියට සම්බන්ධ රෝහල් කාර්ය මණ්ඩලයේ තිදෙනා පොලිස් භාරයට ගෙන විමර්ෂණ කටයුතු සිදු කරන ලෙසට උද්ගෝෂකයන් කල ඉල්ලීම අනුව රෝහල් අධ්‍යක්ෂකවරයා කියා සිටියේ, තමන් මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියට ගොස් පැමිණිල්ලක් කර සේවකයන් තිදෙනා අත්අඩංගුව ගන්නා ලෙස පොලිසියේ ඉල්ලීමක් කරන බවයි.

මිය ගිය කාන්තාවගේ සිරුර යලි ගොඩගෙන සිද්ධිය සම්බන්ධයෙන් යලිත් පෂ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට මියගිය තරුණියගේ ඥාතීන් අකමැත්ත පල කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads