Type Here to Get Search Results !

ඇමතිතුමා ගල් අගුරු සමාගම් හමුවෙන්න රුසියා ගියේ නෑ.. ඇමතිතුමා රුසියා යද්දී සමාගම් එහෙ හිටියා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි රුසියාවට ගියේ දූෂිත ගල් අඟුරු සමාගමක් හමුවීමට නොවන බව බලශක්ති නි. අමාත්‍ය අක්‍රම් අක්‍රම් ඉල්යාස් මහතා පවසයි.

"සම්පූර්ණයෙන් වැරදියි. එතුමා වෙනම සමිට් එකකට ගියේ. සමිට් එකට ගිය වෙලාවේ ඉන්වෙස්ටර්ස්ලා ඇවිත් කතා කරන එක සාමාන්‍ය සිද්ධියක්. එතුමා ගියේ වෙන රාජකාරියක් වෙනුවෙන්.


ඒ වෙලාවට විවිධ අය ඇවිත් හමුවෙන අය හොයාගන්න අපට බෑ. මම ගියත් ඇවිත් සමහර විට මා එක්ක කතා කරයි. ඒ වගේ චෝදනා පාර්ලිමේන්තුවේ කරනවා. එළියේ කළොත් වෙන දේ දන්නවානෙ."


ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එකතු වෙමිනි.


හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය මිතුරුකම පදනම් කරගෙන ගල් අඟුරු ටෙන්ඩරය සමාගමකට ලබාදුන් බවට නි. ඇමතිවරයා චෝදනා කළ අවස්ථාවේ එම සමාගම හමුවීමට වර්තමාන ඇමතිවරයා රුසියාවට ගියේ මන්දැයි මාධ්‍ය වේදියා විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads