Type Here to Get Search Results !

ඉරාන යුද්දයෙන් ලංකාවට වාසියි.. කැඩුනු ඒවා හදන්න කම්කරුවන් යවනවා..- හේවගේ


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ලෝකයේ පවතින දැවැන්ත යුද ගැටුම් හමුවේ සිදුවන විනාශය යළි ගොඩනැගීමේදී ශ්‍රී ලංකාවට හිමිවන අවස්ථාවන් පිළිබඳව දැන් සිටම අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

යුද්ධයෙන් පසු සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ කම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් දායක කරගත හැකි ආකාරය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී විශේෂයෙන්ම හමුදාවෙන් විශ්‍රාම යන පිරිස් සඳහා විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වාර්ෂිකව හමුදා සේවයෙන් පුද්ගලයන් 6,000ක් පමණ විශ්‍රාම යන බවත්, ඔවුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 42ක් පමණ වන බැවින් ඔවුන්ට තවදුරටත් වැඩ කිරීමේ හැකියාව පවතින බවත්ය.

ඒ අනුව, විශ්‍රාම යන මෙම පිරිස් වෙනුවෙන් ඉදිකිරීම් සහ සංචාරක ක්ෂේත්‍රයන් ඉලක්ක කරගනිමින් NVQ සහතික පත්‍ර සහිත පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

එමඟින් ඔවුන්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දී විදේශීය රැකියා අවස්ථාවන් සඳහා දායක වීමට අවස්ථාව සැලසෙනු ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads