Type Here to Get Search Results !

ඉන්ධන QR ගැන නොකී කතාව කංචන හෙලි කරයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මෙරට පැවැති ඉන්ධන අර්බුදය හමුවේ හඳුන්වා දුන් QR කේත ක්‍රමය සහිත ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය නිර්මාණය කිරීමේ පූර්ණ ගෞරවය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ඩයලොග් ආසියාටා සහ මිලේනියම් අයිටී (Millennium IT) යන ආයතන වෙත හිමිවිය යුතු බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම ICTA ආයතනයේ ජයන්ත ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම ද, ඩයලොග් ආසියාටා සමාගමේ සුපුන් වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායම ද, මිලේනියම් අයිටී ආයතනයේ ෂෙවාන් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායම ද මෙම පද්ධතිය ගොඩනැගීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් බවයි.

සීමිත සම්පත් කළමනාකරණය කරමින් ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමේ අරමුණින් 2022 ජූලි මාසයේදී මෙම QR ක්‍රමය හඳුන්වා දෙන ලදී. එම පද්ධතිය හරහා ඉතා කෙටි කලක් තුළ මෙරට සමාජීය හා ආර්ථික අංශයන් ස්ථාවර කිරීමට හැකි වූ බව හිටපු අමාත්‍යවරයා සිහිපත් කරයි.

"ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හුදු කළමනාකරණ මෙවලමක් පමණක් නොවීය. එය දත්ත රැස් කිරීමටත්, වෙළඳපොළ ප්‍රවණතා විශ්ලේෂණය කිරීමටත් මෙන්ම කඩිනම් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමටත් පහසුකම් සැලසූ සුවිශේෂී තාක්ෂණික වේදිකාවක් ලෙස ක්‍රියා කළේය."

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads