Type Here to Get Search Results !

QR එක හදාගන්න බැරිනම් කාංචනට කියන්න.. මිනිහා පඩි නොගෙන ඕක හදලා දෙයි.. - චාමර


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අලුත් වාහන සහ නැවත විකිණු වාහන සඳහා QR එකක් නොලැබීම විශාල ගැටලුවක් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.


ඔහු පෙන්වා දෙන්නේ, අදාළ පද්ධතියේ පැරණි දත්ත සම්පූර්ණයෙන්ම ඉවත්කර, නව දත්ත ඇතුළත්කර හෝ මෙම ගැටලුව විසඳලිය යුතු බවයි.


එය කරගැනීමට ආණ්ඩුවට නොහැකි නම් හිටපු අමාත්‍ය කාංචන විජේසේකරට දැනුම් දෙන ලෙසත් ඔහු කිසිදු වැටුපක් නොමැතිව අදාළ කටයුත්ත ඉටුකර දෙනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.


රට මුහුණදී ඇති තෙල් සහ ගෑස් අර්බුදය ලෝක යුද්ධය මත පැටවීමට කටයුතු නොකරන ලෙසත් පසුගිය දෙසැම්බර් 18 වෙනිදා ගෑස් අර්බුදයක් පැමිණෙනු ඇති බවට තමන් අනතුරු ඇඟවූ බවත් චාමර සම්පත් දසනායක සිහිපත් කරයි.

 

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads