Type Here to Get Search Results !

පිංපියාලා මාෆියාලා ඇඳන්පියාලාගෙන් රට බේරගන්න නැගිටපල්ලා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අතීතයේ මේ රටේ නිදහසේ පියා, බත්දුන් පියා, සෙවණ දුන් පියා, යුද්ධය නිමා කළ පියා, පෝලිම් අවසන් කළ පියා වුවද වර්තමානයේ රට පාලනය කරන්නේ ඇඳන්පියා, හාල්පියා, මාෆියා, සමලිංගික පියා, රිලාපියා, විදුලිපියා, ගල් අඟුරු පියා, පිංපියා බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවහැංගුණුවැවේ ධම්මරතන හිමි පවසයි.


පසුගිය සමයේ ගෝළිය වසංගතය සමයේ වර්තමාන පියාලා විරෝධතා, උද්ඝෝෂණ කරමින් එකල රට පාලනය කළ පියවරුන්ට රට කරගෙන යෑමට ඉඩනොදුන් බවද එහිමියන් සඳහන් කරයි.


මේ මාෆියාලා, පචපියාලා, රටට කෙළවපු පියාලා, පිංපියාලා එකතු වී රට නැත්තටම නැති කළ බවද මේ පියවරුන්ගෙන් රට බේරා ගැනීමට ඔවුන්ගේ බොරුවට රැවටුණු සියලුම පියවරුන් සහ මව්වරුන් නැගිටිය යුතු බවද ධම්මරතන හිමි අවධාරණය කළේය.


මාධ්‍ය හමුවක් කැඳවමින් උන් වහන්සේ මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads