Type Here to Get Search Results !

ලාල්ගේ දේපල නීත්‍යානුකූලව උපයාගත් ඒවා.. නඩු දැම්මොත් පෙනී ඉන්නවා..- වටගල


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ දේපොළ සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ, ඒ පිළිබඳව යම් පාර්ශ්වයක් නීතිමය පියවරක් ගන්නේ නම් එයට සාර්ථකව මුහුණ දීමට රජය සූදානම් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා පවසයි.

නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේ අදාළ දේපොළ සියල්ල නීත්‍යනුකූලව උපයාගත් ඒවා බවයි.

අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ වත්කම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා විවිධ කතාබහක් නිර්මාණය වී ඇති නමුත්, එම වත්කම් නීත්‍යනුකූලව උපයාගත් ඒවා බව රජයේ ස්ථාවරයයි.

ලාල්කාන්ත මහතා වසර 25කට අධික කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ නිලධාරියෙකු ලෙසත්, පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වෘත්තීය සමිති නිලධාරියෙකු ලෙසත් කටයුතු කර ඇති අතර, ඒ සෑම වසරකම සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ රජය වෙත නිසි පරිදි ඉදිරිපත් කර ඇති බව වටගල මහතා පෙන්වා දුන්නේය.

පවුලේ එකම පිරිමි දරුවා ලෙස දෙමව්පියන්ගෙන් උරුම වූ දේපොළ හේතුවෙන් සිය වත්කම්වල එක්වරම විශාල වැඩිවීමක් සිදුවූ බව ලාල්කාන්ත අමාත්‍යවරයා මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබේ.

කෙසේ වෙතත්, නීතිමය තත්ත්වයක් උද්ගත වුවහොත් එයට මුහුණ දීම මැති ඇමැතිවරුන්ගේ සාමාන්‍ය අදහස බවද වටගල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය මැතිවරණ සමයේදී තමන්ට කිසිදු දේපොළක් නොමැති බවට ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශයත් සමඟ මෙම නව හෙළිදරව්වීම් සමාජය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads