Type Here to Get Search Results !

උඹලා හොරකෑවෙත් අනුන් හදපු ගල් අඟුරු බලාගාරෙන්.. ලැජ්ජයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වර්තමාන ආණ්ඩුවට වසර එකහමාරක් ගෙවෙන විට ඊට විරුද්ධව විශ්වාසභංග යෝජනා තුනක් පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.


පළමුවැන්න හිටපු කතානායක අශෝක රන්වලට විරුද්ව ගෙන ආ විට ඔහු ඉල්ලා අස්වූ බවත් දෙවැන්න ආරක්ෂක නි. ඇමති අරුණ ජයසේකරට විරුද්ධව ගෙන එන විට එය වැළැක්වූ බවත් ඔහු පෙන්වා දෙයි.


ඊට පෙර එජාප ආණ්ඩු ලක්ෂපාන, වික්ටෝරියා ආදී බලාගාර හැදූ බවත් මහින්ද රාජපක්ෂ නොරෙච්චෝලේ බලාගාරය තැනූ බවත් කිසිදු බලාගාරයක් ඉදිනොකළ වත්මන් පාලකයන් හැමදාම බලාගාර තැනීමට විරුද්ධව විරෝධතා උද්ඝෝෂණ කළ බවත් හෙතෙම සඳහන් කරයි. එහෙයින් විදුලිය කපාගත යුත්තේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ගෙවල්වල බවද ඔහු පවසයි.


වර්තමාන පාලකයන්ද සිය නිවසේ විදුලි බල්බයක් දල්වන්නේ 76 වසරක් තුළ පාලකයන් තැනූ බලාගාරවලින් බවත් ඔවුන් බලයට පැමිණ මහින්ද තැනූ නොරෙච්චෝලේ බලාගාරයට ගෙන ආ ගල් අඟුරුවලින්ද හොර කෑ බවත් චාමර සම්පත් දසනායක චෝදනා කරයි.


බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග විවාදයට එකතු වෙමින් ඔහු මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads