Type Here to Get Search Results !

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි..?


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මහාධිකරණය හමුවේ අධි චෝදනා එල්ල වීම මත බලශක්ති මාධ්‍යය කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා වනු ඇති බවට නිල නොවන වාර්තා කියයි.

ඒ මහතා ධුරයේ රැදී සිටිය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුන තීව‍්‍ර වාද විවාද ඇති වී තිබෙන්නේ යයිද වාර්තා වෙයි.

ඒ් මහතාට ඒරෙහිව ඒල්ල වී ඇති විශ්වාස භංග යෝජනාව අනිද්දා දිනයේ විවාදයට ගැනීමට නියමිතය.

2015 වර්ෂයේ දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගම වෙත නීති විරෝධි ලෙස ලාභයක් හා වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ 70 ආ වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව කොළඹ මහාධිකරයේ නඩු අංක HCB 481/2026 යටතේ නඩු පවරා ඇත.

අදාළ වකවානුවේදී පරීක්ෂාවට ලක්වූ විශේෂිත ටෙන්ඩරයක් පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ කුමාර ජයකොඩි මහතාය.

මෙම විමර්ශනයට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා තම නීතීඥවරුන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා මීට පෙර ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව ලිඛිතව කරුණු දැක්වීමට කොමිෂන් සභාව අවසර ලබා දී තිබූ අතර, ඉදිරිපත් කළ එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම තීරණය කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads