සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ජාතික ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු හෝ නිලධාරියෙකු වංචා දූෂණවලට සම්බන්ධ නොමැති බවත්, භාණ්ඩාගාරයට සහ රජයේ ආයතනවලට එල්ල වන විවිධ බලපෑම් පිටුපස මීට පෙර රට විනාශ කළ "නිල්-කොළ" දේශපාලන හැකර්වරුන් සිටිය හැකි බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, වර්තමාන රජයට එරෙහිව එල්ල වන චෝදනා හුදෙක් බලය අහිමි වීමේ වේදනාව මත පදනම් වූ ඒවා බවයි.
"ගේම් කාරයෝ කලබල වුණාට අපි කලබල වෙන්නේ නැහැ. මහ බැංකුවට, අමාත්‍යාංශවලට සහ පළාත් පාලන ආයතනවලට විද්දේ ඒගොල්ලෝමයි. මුළු රටක් හැකර් කරපු අය තමයි දැන් අපිට චෝදනා කරන්නේ," යැයි ඔහු සඳහන් කළේය.
ජනතාව අපව හොරු ලෙස පිළිගන්නේ නැහැ රජය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පිළිබඳව අදහස් දක්වමින් සුරවීර මහතා කියා සිටියේ, ජනතාව කිසිසේත්ම මාලිමාවේ නියෝජිතයන් හොරුන් හෝ වංචාකාරයන් ලෙස පිළි නොගන්නා බවයි. "
අදටත් ජනතාව අතර අපට තියෙන විවේචනය තමයි පරණ හොරු ටික ඉක්මනින් අල්ලලා හිරේ දාන්නේ නැහැ කියන එක. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාක්ෂි එක්රැස් කරමින් නිසි යාන්ත්‍රණයක් හරහා කටයුතු කිරීමට කාලය අවශ්‍යයි," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
භාණ්ඩාගාරය සාංඝික දේපළක් වගේ රකිනවා මහජන මුදල් සහ මහා භාණ්ඩාගාරය "සාංඝික දේපළක්" ලෙස ආරක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර, එම ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරන බව මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.
යම් මූල්‍ය ගනුදෙනුවක අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, අහිමි වූ මුදල් නැවත ලබා ගැනීමට එම පරීක්ෂණ රුකුලක් වනු ඇති බවත් ඔහු පැවසීය.
පැරණි දූෂිත දේශපාලන සංස්කෘතියේ පිරිස් විවිධ බාධක පැමිණවීමට උත්සාහ කළද, ඒ සියලු අභියෝග ජය ගනිමින් 2025 වසර රට නැවත නඟා සිටුවන තීරණාත්මක වසරක් බවට පත් කරන බව දේවානන්ද සුරවීර මහතා මෙහිදී සහතික විය.


