Type Here to Get Search Results !

භාණ්ඩාගාර කොල්ලය රජය අපහසුතාවට පත්කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සොයනවා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති මුදල් වංචාව සදහා නිල විද්‍යුත් තැපැල් පද්ධතිය (Emails) අවභාවිත වී ඇති බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේය.

ගෙවීම් කටයුතු හැසිරවීමේදී නිලධාරීන්ගේ පැත්තෙන් පැහැදිලි නොසැලකිලිමත්කමක් සිදුව ඇති බවත්, මෙහි පිටුපස රජය අපහසුතාවයට පත් කිරීමේ දේශපාලන අරමුණක් තිබේද යන්න සොයා බලන බවත් ඔහු පැවසීය.

මෙහිදී අනාවරණය වූ කරුණු මත ඉදිරියේදී සිදුවන සියලුම ණය ප්‍රතිපූරණයන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇත.

මීට අමතරව අභ්‍යන්තර සේවාදායකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දී තිබේ.

මෙම සයිබර් මංකොල්ලය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහාය ලබාගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ දෙරටේ විමර්ශන නිලධාරීන්ගේ හුවමාරුවක් සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads