Type Here to Get Search Results !

අසූචි ගැහුවේ රජයෙන් නෙමෙයි...- මාලිමා ලේකම්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිසකට එල්ල වූ බව කියන අසූචි ප්‍රහාරයට රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා පවසයි.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ එහි යම් සිදුවීමක් වී ඇත්නම් සහ ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්නම්, එම පැමිණිල්ලට අනුව පොලිසිය ඉදිරි කටයුතු සිදු කරනු ඇති බවයි.

යම් කරුණක් සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට රාජ්‍ය ආයතනයකට යා හැකිව තිබියදී මෙලෙස පුද්ගලික නිවසක් ඉදිරිපිටට යාම වැරදි සහගත ක්‍රියාවක් බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් ටිල්වින් සිල්වා මහතාගේ නම සඳහන් කිරීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ඒ පිළිබඳව ඔහුගෙන්ම විමසිය යුතු බවත් තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත්ය.

පැලවත්ත ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය පිහිටා ඇති අතර තමන් ද එහි රැස්වීම් සඳහා සහභාගී වන නමුත්, මෙම සිද්ධිය පැලවත්ත ප්‍රදේශයේ සිදුවූවක් ද යන්න පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බව ද නිහාල් අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads