Type Here to Get Search Results !

භාණ්ඩාගාර කොල්ලයට විපක්‍ෂය සම්බන්ධදැයි සෙවිය යුතුයි..- TB සරත්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මහා භාණ්ඩාගාරයේ සිදුවන ඕනෑම විපතක් රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද සෘජුවම බලපාන විපතක් බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.

මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මහා භාණ්ඩාගාරය තුළ රුපියල් මිලියන 2.5ක් හෝ 5ක් පමණ ප්‍රමාණයක වංචාවක් සිදුව ඇති බව නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.

සාමාන්‍යයෙන් මෙවැනි වංචාවක් අනාවරණය කර ගැනීමට මාස දෙකක පමණ කාලයක් ගතවන නමුත්, එය නිල වශයෙන් එළියට ඒමට පෙර සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ වැනි දේශපාලනඥයන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සැක සහිත බව ඔහු පෙන්වා දෙයි.

හැකර්වරුන්ගෙන් තොරතුරු එළියට ඒමට පෙර මොවුන්ගෙන් තොරතුරු එළියට ඒම හරහා මොවුන් සහ මෙම වංචාව අතර සම්බන්ධයක් තිබේදැයි සෙවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මහා භාණ්ඩාගාරයට විපතක් සිදුවීම යනු රටේ රාජ්‍ය නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතාට ද සිදුවන විපතක් බවත්, එය සෙසු විපක්ෂ නායකයන්ට විපතක් ලෙස නොපෙනීම කණගාටුදායක බවත් හෙතෙම පවසයි.

මෙවැනි තත්ත්වයකදී දේශපාලන භේදයකින් තොරව සියලු දෙනා එක්ව මහා භාණ්ඩාගාරය වැනි රාජ්‍ය සම්පත් විනාශ කරන පොදු සතුරාට එරෙහිව අරගල කළ යුතු බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads