Type Here to Get Search Results !

අපි පර්ෆෙක්ට් අය නෙමෙයි.. වැරදි වෙන්න පුළුවං.. ඒත් අපි කොරකං කලේ නෑ..- මනුවර්ණ


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඕනෑම ආයතනයක ගෙවීම් කටයුතු සිදු කිරීමේදී අතපසුවීම් සහ වැරදීම් සිදු විය හැකි බවත්, ලෝකයේ කිසිදු පුද්ගලයෙකු පූර්ණ ලෙස නිවැරදි හෙවත් ‘පර්ෆෙක්ට්’ (Perfect) පුද්ගලයන් නොවන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසයි.

මහා භාණ්ඩාගාරයේ ගනුදෙනු සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මහජන මුදල් සම්බන්ධ මෙවැනි කටයුතුවලදී යම් අතපසුවීමක් සිදුවිය හැකි බව පිළිගත යුතු යැයි පෙන්වා දුන් මන්ත්‍රීවරයා, යම් හෙයකින් රජයේ මුදල් අමාත්‍යවරුන්ගේ හෝ මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ගිණුම්වලට බැර වී තිබුණේ නම් එය බරපතළ වරදක් බව ද අවධාරණය කළේය.

කෙසේ වෙතත්, වත්මන් සිදුවීමේදී එවැනි කිසිදු මුදල් අවභාවිතයක් හෝ දේශපාලනඥයන්ගේ ගිණුම්වලට මුදල් බැරවීමක් සිදුව නොමැති බව ඔහු සහතික කර සිටියි.

මෙම තත්ත්වය හුදෙක් කාර්මික හෝ පරිපාලනමය මට්ටමේ සිදුවූ වැරදීමක් විය හැකි බව පෙන්වා දුන් මනුවර්ණ මහතා, කිසිවෙකුත් පූර්ණ ලෙස නිවැරදි නොවන බැවින් මෙවැනි අතපසුවීම් ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads