Type Here to Get Search Results !

රත්නපුර සභාවේ නිල කාර්යාලය ඇතුළේ මාලිමා නගරාධිපතියි හිටපු නගරාධිපතියි ගුටි කෙළියක..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පසුගිය අප්‍රේල් 28 වන දින ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ වර්තමාන නගරාධිපතිවරයා වූ ඉන්ද්‍රජිත් කටුගම්පල මහතාගේ නිල කාමරයේදී හිටපු නගරාධිපතිවරයෙකු වූ සර්වජන බලයේ නාගරික මන්ත්‍රී නිලන්ත රොෂාන් මහතා අතර බහින්බස් වීමක් ඇතිව තිබිණි.

හදිසියේම නගරාධිපතිවරයාගේ කාමරයට පැමිණෙන නිලන්ත රොෂාන් මහතා සමඟ මෙම බහින්බස්වීම ඇති වෙන අතර, පසුව එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වුණි.

පසුව නගරාධිපතිවරයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව එදිනම නාගරික මන්ත්‍රී නිලන්ත රොෂාන් මහතාව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (04) දින දක්වා බන්ධනාගාරගත කෙරුණි.

ඔහු අද දින රත්නපුර මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදීත් නීතිය හරියට ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මාලිමාවේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක සේනාරත්න ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් උසාවිය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක නියැලුණි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads