සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ සිටින දක්ෂ මෙන්ම අවංක හැකියාවන් සහිත පුද්ගලයන්ට ඉදිරියේදී රජයේ විවිධ වගකීම් සහ අවස්ථා ලබාදීමට රජය සූදානම් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ස්වර්ණවාහිනී නාලිකාවේ "රතු ඉර" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ආණ්ඩුවක් පවත්වාගෙන යාමේදී පක්ෂයක දෘෂ්ටිවාදයට පමණක් සීමා නොවී ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
පක්ෂයක් ලෙස කටයුතු කරන ආකාරයට නොව රටක් පාලනය කිරීමේදී පුළුල් දායකත්වයක් අවශ්‍ය බවත්, රජය පිහිටුවීමේදී පවා ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් පිරිස්වල දායකත්වය ලබාගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව වැනි ජාතික සම්පතක් නගාසිටුවීම ජාතික අවශ්‍යතාවයක් බවත්, ඒ සඳහා සුදුසු දක්ෂ කළමනාකරුවන් තෝරාගැනීමේදී ඔවුන් සමගි ජන බලවේගයේද නැතහොත් එක්සත් ජාතික පක්ෂයේද යන්න සලකා නොබලන බව අමාත්‍යවරයා පැවසීය.
"අවංක හැකියාවක් තිබෙන පුද්ගලයන් නම් ඉදිරියටත් ඔවුන්ට ඕනෑ තරම් වගකීම් සහ අවස්ථා ලබාදීමට අපි කැමැත්තෙන් ඉන්නවා" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීම මෙයට කදිම උදාහරණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය ආයතනවල පවා එවැනි දක්ෂයන්ට වගකීම් පැවරීමට රජය පසුබට නොවන බව ප්‍රකාශ කළේය.
කුමාර සංගක්කාර, සිදත් වෙත්තමුණි සහ රොෂන් මහානාම වැනි ප්‍රවීණයන් සමඟ එක්ව ක්‍රිකට් ක්‍රීඩාව පරිවර්තනයකට ලක් කිරීමේ වගකීම මෙලෙස පක්ෂ බේදයකින් තොරව දක්ෂයන්ට පවරා ඇති බවත්, මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්ම බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය


