Type Here to Get Search Results !

මොලකරු ගෝටාභයයි... සලේ, ගෝටාගේ වහලෙක්.. ගෝටාට නොකියා වැසිකිලි යන්නෙත් නෑ..- ෆොන්සේකා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ත්‍රස්ත මර්ධන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රදානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ, සලේ යනු හමුදා නිලධාරියෙකු ලෙස නොව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වහලෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවයි.

සුරේෂ් සලේ මහතා සිදුකළ සෑම ක්‍රියාවක්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත සිදුවූ බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසරයකින් තොරව ඔහු වැසිකිළියටවත් නොගිය බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

මෙහිදී සලේ මහතා මහ මොළකරුගේ පශ්චාත් භාගය ලෙසත්, ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ඔලුව ලෙසත් හැඳින්වූ ෆොන්සේකා මහතා, සෙසු රාජපක්ෂවරුන් ද මෙම ක්‍රියාවන් පිළිබඳව දැනුවත්ව සිටි බව අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු පිරිස සමඟ සුරේෂ් සලේ මහතා සමීප සබඳතාවක් පැවැත්වූ බවට ද ෆොන්සේකා මහතා චෝදනා කළේය.

යුද්ධයෙන් පසු කාලසීමාවේදී සහරාන් ඇතුළු දහස් ගණනකට පඩි ගෙවන ලද්දේ සලේ මහතා විසින් බවත්, එම ගනුදෙනු සියල්ල රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය ඇතිව සිදුවූ බවත් ඔහු පැවසීය.

තමා අත්අඩංගුවට ගෙන මාස අටක් තිස්සේ නඩු හෝ චෝදනා නොමැතිව රඳවා තබාගෙන හිරිහැර කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් ලබාදුන්නේ සුරේෂ් සලේ ඇතුළු පිරිස බව ෆොන්සේකා මහතා මෙහිදී සිහිපත් කළේය.

තමාගේ බිරිඳ සහ දියණියන් පවා දැඩි පීඩනයකට ලක්කළ බවත්, ගුවන් තොටුපළේදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් පවා සිදුකළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

තමාට සහ තම පවුලට සිදුකළ එම අසාධාරණයන්ට අද සලේ මහතාට මුහුණ දීමට සිදුව ඇත්තේ දිට්ඨධම්මවේදනීය කර්මය පලදීම නිසා බවත්, දැන් "සලේලාගේ වෙලාව" පැමිණ ඇති බවත් හිටපු හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads