Type Here to Get Search Results !

ඉන්ධනවලින් රජයට තවමත් පාඩුයි... අගෝස්තු, සැප්තැම්බර් වෙද්දි මිල අඩු කරනවා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිල ගණන් ඉදිරියේදීත් මේ අයුරින්ම ස්ථාවරව පැවතුණහොත්, එහි වාසිය එළඹෙන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට මෙරට පාරිභෝගික ජනතාවට ලබා දීමට රජයට හැකි වනු ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ඉන්ධන මිල සූත්‍රය සහ මිල ගණන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, ඉන්ධන අලෙවියෙන් ලාභ ලැබීමේ කිසිදු බලාපොරොත්තුවක් හෝ චේතනාවක් වත්මන් රජයට නොමැති බවයි.


ජනතාව මත පැටවෙන ආර්ථික බර ලිහිල් කිරීම වෙනුවෙන් රජය දැනටමත් ඉන්ධන සඳහා සැලකිය යුතු සහනාධාරයක් ලබා දෙමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විටත් ඩීසල් ලීටරයකින් රුපියල් 100ක පමණ මුදලක් සහ පැට්‍රල් ලීටරයකින් රුපියල් 20ක පමණ මුදලක් රජය විසින් සහනාධාර ලෙස දරනු ලබන බව ද හෙළි කළේය.


ලෝක වෙළඳපොළේ මිල ගණන් අඩු වූ සැනින් සාමාන්‍ය වෙළඳපොළකින් භාණ්ඩ මිල දී ගන්නාක් මෙන් ක්ෂණිකව ඉන්ධන මිල දී ගත නොහැකි බවත්, ඒ සඳහා පෙර එකඟ වූ මිල ගණන් යටතේ නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරමින් ඉන්ධන ඇණවුම් කළ යුතු බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads