සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
වර්තමාන රජය මෙරට බිහිවූ අලුත්ම ආකාරයේ ආණ්ඩුවක් බවත්, ඉදිරියේදී මෙම දේශපාලන බලය වෙනස් නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ මෙය මෙරට පළල්ම ජනතා සහභාගීත්වයක් සහිත ආණ්ඩුවක් බවයි.
ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීම උදෙසා රජය මේ වන විටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, මෙම දේශපාලන බලයම විකාශනය වෙමින් ඉදිරියට යනු මිස අලුත් බලයක් මතු නොවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ වැනි දේශපාලනඥයන් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඔවුන් බලය පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටියද, එම බලාපොරොත්තු සමඟම ඔවුන්ගේ දේශපාලන අභාවය සිදුවිය හැකි බවයි.
රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ද අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, වර්තමානයේ නීතිය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවත්, අපරාධකරුවන්ට සහ මංකොල්ලකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කිසිසේත් පසුබට නොවන බවත් ප්‍රකාශ කළේය.
මෙම ආණ්ඩුව ආරක්ෂා කිරීම සහ රජයට එල්ල වන ප්‍රතිගාමී දක්ෂිණාංශික ප්‍රහාරයන්ට එරෙහිව ක්‍රියා කිරීම තම යුතුකමක් බව ද වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය


