Type Here to Get Search Results !

ජනතාවට විනෝද වෙන්න විනෝද බද්ද 5%ක් අඩු කලා..- ව්‍රායි


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කොළඹ නගරයේ ජනතාවගේ විනෝදාස්වාදය සඳහා වැඩි ඉඩකඩක් වෙන් කරන ලෙස ගරු ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමකට අනුව, 2026 අයවැය මඟින් මෙම බදු සහනය ලබාදීමට යෝජනා සම්මත වූ බව ඇය සඳහන් කළාය. ඒ අනුව අදාළ බදු සංශෝධනයන් ඇතුළත් ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර තිබේ.

මෙම නව සංශෝධනය යටතේ සියලුම විනෝද බදු කාණ්ඩවල අනුපාතයන් අඩු කර ඇති අතර, විශේෂයෙන්ම දේශීය කලාකරුවන්ට සහ කලා ක්ෂේත්‍රයට දිරියක් ලබාදීම වෙනුවෙන් දේශීය ප්‍රසංග සඳහා මෙතෙක් පැවති 12%ක බදු අනුපාතය 7% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිනිය අවධාරණය කළේ, මෙම බදු සහනයේ සැබෑ ප්‍රතිලාභය ජනතාව වෙත ගලා යා යුතු බවයි.

"අපි ලබාදුන් මෙම බදු සහනය නිසා සංවිධායකයන්ට විශාල සහනයක් හිමිවෙනවා. එම සහනය සැලකිල්ලට ගෙන ප්‍රවේශපත්‍ර මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන ලෙස අපි සියලුම සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එවිට වැඩි ජනතාවකට කලා හා විනෝදාස්වාද අත්දැකීම් විඳගැනීමට අවස්ථාව ලැබෙනවා. කලා ක්ෂේත්‍රය දියුණු වීම මෙන්ම ජනතාවට දැරිය හැකි මිලකට ගුණාත්මක විනෝදාස්වාදයක් ලැබීම අපේ ප්‍රධාන අපේක්ෂාවයි," යැයි ද ඇය සඳහන් කළාය.

ජනතාව වෙනුවෙන් ලබාදුන් මෙම බදු සහනයේ වාසිය අවසානයේ ජනතාවටම හිමිවිය යුතු බව නගරාධිපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads