Type Here to Get Search Results !

කොතරම් උද්ඝෝෂණ කලත් වී මිල කීයටවත් තව වැඩි කරන්නෑ.. හාල් ඕන නම් රටින් ගේනවා..- ලාල් කාන්ත


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වී සඳහා රජය විසින් නියම කර ඇති මිල ගණන් කිසිසේත් වෙනස් නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා සඳහන් කළේ, වී කිලෝවක් සඳහා රුපියල් 120, 130 සහ 140 යන මිල ගණන් නියම කර ඇත්තේ නිසි ගණනය කිරීම්වලින් පසුව බවයි.

එම මිල ගණන්වලට වඩා වැඩි මිලක් ඉල්ලා කෙතරම් උද්ඝෝෂණ සිදු කළ ද, රජය එම ඉල්ලීම්වලට ඉඩ ලබා නොදෙන බව ඔහු පැවසීය.

"ප්‍රජාතන්ත්‍රවාදී රටක උද්ඝෝෂණය කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙනවා. නමුත් එම සටන්කාමීත්වය යථාර්ථවාදී විය යුතුයි. වී කිලෝවකට රුපියල් 250ක් හෝ 260ක් වැනි මිලක් ඉල්ලීම යථාර්ථයෙන් පරිබාහිර දෙයක්," යැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රජයේ මූලික අරමුණ රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම මොහොතක ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පසුබට නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

"අපි වවලා අපි කනවා" යන මතයේම පමණක් නොසිට, ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රායෝගිකව කටයුතු කරන බව ද අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී අවධාරණය කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads