Type Here to Get Search Results !

වෙලාවට උපදෙස් දුන්නම් මෙහෙම විපතක් වෙන්නෑ..- ජේලර්ලා අධිකරණ ඇමතිට කෙලින්ම කියති..

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා හමුවේ, බන්ධනාගාර නිලධාරීන් සිය දැඩි ලෙස සංවේදී විය.

මියගිය නිලධාරීන්ගේ නිවෙස් වෙත ගිය ඇමතිවරයා හමුවේ සිය දුක්ගැනවිලි ඉදිරිපත් කළ නිලධාරීන් අවධාරණය කළේ, මෙම විනාශය නියපොත්තෙන් කඩන්නට තිබූ දෙයක් බවත්, නිසි අවසරයක් නොලැබීම හේතුවෙන් එය මහා විනාශයක් දක්වා වර්ධනය වූ බවත්ය.

"අපි වෙඩි තිබ්බේ නැහැ සර්, අපි ඇහුවා වෙඩි තියන්නද කියලා. අපිට නියෝගය දුන්නා නම් මේක නවත්තන්න තිබුණා. හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපිට බලය දෙන්න" යැයි නිලධාරීන් මෙහිදී ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

බන්ධනාගාරගතව සිටින පිරිස් අතර මනුෂ්‍යයන් මෙන්ම තිරිසනුන් ද සිටින බව පෙන්වා දුන් නිලධාරීන්, තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද ඇමතිවරයා දැනුවත් කළහ.

"මේක නියපොත්තෙන් කඩන්න තිබුණ දෙයක් සර්. 1500ක් විතර එළියට ආවා නම් මුළු ජනතාවම ඉවරයි. ඒ නිලධාරියා තමයි ඒක බේරගත්තේ," යැයි පවසමින් ඔවුහු හැඟුම්බර වූහ.

මෙහිදී අදහස් දැක්වූ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් උපරිම සාධාරණය ඉටු කරන බවයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ පුහුණුව, ආරක්ෂක ප්‍රොටෝකෝල සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අලුතින් සිතා බලා කටයුතු කරන බවත්, මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා යුක්තිය ඉටු කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සහතික විය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads