Type Here to Get Search Results !

ඇමැතිවරුන්ගේ ඩමි පුච්චන ගොවියන්ට පසුතැවෙන්න වෙයි...- ඇමති


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

“ඇමැතිවරුන්ගේ ඩමි පුච්චන ගොවි මහතුන්ට පසුතැවෙන්න වෙයි” යැයි නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ, තලාව ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

තඹුත්තේගම ගොවි උද්ඝෝෂණයක් තිබුණනේ. ඒ උද්ඝෝෂණ කරන උද්ඝෝෂණ ඉස්සරහම ඉන්න අයගෙන් අහන්න ඕනෙ. මේ තලාවේ මෙතන මේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා හතරක් තියෙනවා, මේකේ කෙළවරේ තියෙන ගබඩාවට මොකද වුණේ කියලා? ඒවාට උත්තර දෙන්න කියලා ඒ ප්‍රශ්න ඇහුවොත් තමයි ඒ කට්ටිය අමාරුවේ වැටෙන්නේ. මේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා හතරෙන් එකක්. පෞද්ගලික ආයතනයකට ඉඩමත් එක්ක විකුණලා තියෙන්නේ. ඒ විකුණපු මහත්වරු තමයි දැන් ඔය වී මිල සම්බන්ධයෙන් කෑ මොර දෙන්නේ ගොවියොත් යම් ප්‍රමාණයක් අරගෙන ඇවිල්ලා. අපි එනකොට වී අලෙවි මණ්ඩලය ණය කරලා, වට්ටලා, කඩා-බිඳ දමලා තමයි තිබුණේ. අපි ඇවිල්ලා වී අලෙවි මණ්ඩලය නැවත පණ ගැස්සුවා. පහුගිය කන්නවල වී සඳහා හොඳ මිලක් අපිට ගන්න පුළුවන් වුණා. වී අලෙවි මණ්ඩලය වී ගත්තා. හොඳ මිලක් අපි ප්‍රකාශයට පත් කරා, දැන් අපි වියළන යන්ත්‍ර සවි කළා. තව අපි සමුපකාර ජාලය, සතොස ජාලය මේකට එකතු කර ගන්න ඕන.

මේ දවස්වල වීවල ප්‍රශ්නයක් තියෙනවා යම්තාක් දුරකට. ඒක තාවකාලිකයි, අපි තව සති කිහිපයකින් වී මිලදී ගන්නවා. රුපියල් 120 ක ස්ථාවර මිලක් අපි දැනටමත් නාඩු සඳහා ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ. තව අවුරුද්දක් විතර යනකොට මේවට වී වේළීමේ උපරකණ හයි කරලා, තව ගබඩා ප්‍රමාණය වැඩි කරලා, වී මිලදී ගැනීමේ ධාරිතාව වැඩි කරලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න අපි විද්‍යානුකූලව මැදිහත් වෙමින් ඉන්නේ ඒ නිසා මට කියන්න තියෙන්නේ ගොවියෝ කලබල වෙන්න එපා, ඔය කරන උද්ඝෝෂණ පිටිපස්සේ අපි දන්නවා දේශපාලන හස්තයක් තියෙනවා. ඒ දේශපාලන හස්තය පිරිසුදු නෑ.

මෙම අවස්ථාවට තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාදාස දිසානායක ඇතුළු එම සභාවේ මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

හේෂාර සේනාල් සෝමරත්න - අනුරාධපුර

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads