සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන අදහසක් තිබෙන නීතීඥ සංගමයට හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ පුතකු සහ නීතීඥ සංගමයේ සාමාජිකයෙකු ද වන රඛිත රාජපක්ෂ සම්බන්ධයෙන් කියන්ට ඇති දේ දැන ගන්න තමන් ආසාවෙන් බලා සිටින බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසා තිබුණි.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය, දෙරණ 360 ට සහභාගී වී සිටි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඉදිරියේ විකාශය කරන ලදී.
එහිදී නීතීඥ සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ, රඛිත රාජපක්ෂ ගැන කියන්නට ඇත්තේ කුමක්දැයි තමන් නොදන්නා බවයි. ඉන් නොනැවතී, රඛිත රාජපක්ෂ සම්බන්ධයෙන් තමන් කුමක් කිව යුතුදැයි, රජීව් අමරසූරිය මහතා පෙරළා ප්‍රශ්න කර සිටියේ ය.
රඛිත සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බවත්, අධිකරණ ක්‍රියාවලියක් දියත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.


