සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
විපක්ෂය මේ වන විට දැඩි ලෙස කලබලයට පත්ව ඇති බවත්, ඔවුන් විවිධ කුමන්ත්‍රණ හරහා ආණ්ඩුව පෙරළීමට උත්සාහ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, විපක්ෂය කොතරම් උත්සාහ කළ ද ආණ්ඩුව හෝ කිසිදු විෂයභාර අමාත්‍යවරයෙකු සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු නැති බවයි.
රජය සිය වගකීම් නිසි පරිදි ඉටු කරමින් සිටින බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
"විපක්ෂය දැන් ඉන්නේ ලොකු කලබලයක. ඔවුන් බලන්නේ කොහොම හරි ආණ්ඩුව වට්ටන්නයි. ඒ වෙනුවෙන් විවිධ කුමන්ත්‍රණ කරනවා. නමුත් අපි අපේ වගකීම් හරියට කරනවා. ඒ නිසා ආණ්ඩුවවත්, අමාත්‍යවරුන්වත් අස්වෙන්න ඕන නැහැ. ඇත්තටම අස්වෙන්න ඕන විපක්ෂයයි," යනුවෙන් ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


