සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
වර්තමාන මිනිස් සමාජය තුළ ආගමික සහ ආධ්‍යාත්මික ජීවිතය කෙරෙහි පවතින උනන්දුව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.
දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, ලෝකයේ දියුණු යැයි සම්මත රටවල පවා දේවස්ථාන වසා දමන තත්ත්වයක් උදාවී ඇති බවයි.
ජනතාව සති අන්තයේ දේවස්ථාන වෙත පැමිණෙනවා වෙනුවට විවිධ විනෝදාංශ සහ විනෝද කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු කරන බව උන්වහන්සේ සඳහන් කළහ.
යුරෝපයේ පිහිටි දැවැන්ත බැසිලිකා සහ දේවස්ථාන අද වන විට හිස් අවකාශයන් බවට පත්ව ඇති බවත්, ඒ වෙනුවට ක්‍රීඩාංගණ සහ විනෝද මධ්‍යස්ථාන ජනතාවගෙන් පිරී පවතින බවත් කාදිනල් තුමන් මෙහිදී අවධාරණය කළහ.
දෙවියන් වහන්සේ කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් මිනිසා තාවකාලික තෘප්තිය සහ භෞතික සම්පත් රැස් කිරීම පසුපස හඹා යන බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.
මනුෂ්‍යත්වයේ උතුම් ගුණාංග අමතක කර දමා ශාරීරික අවශ්‍යතා ගැන පමණක් සිතන සමාජයක් බිහිවෙමින් පවතින බවත්, මෙවැනි පසුබිමක ආධ්‍යාත්මික ජීවිතයට හිමිව ඇත්තේ ඉතා සුළු ඉඩකඩක් බවත් අගරදගුරුතුමන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියහ.


