සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයක් නොතිබුණේ නම් ශ්‍රී ලංකාව මීට වඩා අතිශය බරපතළ තත්ත්වයකට ඇද වැටීම අනිවාර්ය වනු ඇති බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ Miracle Dome දෙව් මැදුරේ පැවති දේව මෙහෙයක් අතරතුර සිය අනුගාමිකයන් අමතමිනි.
ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ක්‍රිකට් ක්‍රීඩාවට උපමා කරමින් දේවගැතිවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා ඉතා සෘජු ලෙස තම කාර්යභාරය ඉටු කරන බවයි.
"ඔබේ ජනාධිපතිවරයා කෙළින් පන්දුවට පහර දෙනවා. ඔහුගේ ශෛලියට ඔබ අකමැති වන්නට පුළුවන්, නමුත් ඔහු ඉතා සෘජු පුද්ගලයෙක්," යනුවෙන් ඔහු එහිදී පැවසීය.
දේශපාලනය පුද්ගලික ජීවිතයට අහිතකර ලෙස බලපෑම් නොකිරීමට නම් දේශපාලනඥයන් වෙනුවෙන් යාඥා කළ යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
ලෝක දේශපාලනයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ වුවද, සාමාන්‍ය ජනතාවට තම දෛනික ජීවිතය සාමකාමීව පවත්වාගෙන යාමට හැකි විය යුතු බව පෙන්වා දුන් දේවගැතිවරයා, ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් උදාහරණයට ගනිමින් කියා සිටියේ එවැනි දේශපාලන අර්බුදවලට මැදි නොවී සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත් වීමට අවස්ථාව තිබිය යුතු බවයි.
වර්තමාන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නොවන්නට රටේ තත්ත්වය මීට වඩා බෙහෙවින් අයහපත් වීමට ඉඩ තිබූ බව තමාට සහතික විය හැකි බව ද දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


