Type Here to Get Search Results !

“ජනතාව උසාවිය හොයාගෙන එන එක නෙවෙයි.. අපි අධිකරණ බලය ගමට ගෙන යනවා” - ලාල් කාන්ත


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අධිකරණ බලය ජනතාව සතු බලයක් බැවින් ජනතාව අධිකරණය සොයා පැමිණීම වෙනුවට අධිකරණ පද්ධතිය ජනතාව වෙත සමීප කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණ පද්ධතිය කඩිනමින් යාවත්කාලීන කිරීම ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවක් බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ පද්ධතිය යාවත්කාලීන නොවීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට විශාල පීඩාවකට මුහුණදීමට සිදුව ඇති බවත්, නඩු කටයුතු ප්‍රමාද වීම නිසා කාලය සහ මුදල් විශාල වශයෙන් වැය කිරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

නඩු වාර ගණනාවක් සඳහා අධිකරණ වෙත පැමිණීමට සිදුවීමෙන් නීතිඥ ගාස්තු, ගමනාගමන සහ ආහාර වියදම් දැරීමට ජනතාවට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම අධිකරණ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් හේතුවෙන් අපරාධයක් හෝ රිය අනතුරක් දුටු අවස්ථාවකදී පවා සාක්ෂි ලබාදීමට ජනතාව මැළිකමක් දැක්විය හැකි බව ඔහු පැවසීය.

“අධිකරණ බලය පාර්ලිමේන්තුවට හෝ විනිසුරුවරුන්ට පමණක් අයත් දෙයක් නොව, මහජනතාවගේ පරමාධිපත්‍ය බලයක්” යැයිද ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.

යාපනයේ හෝ අම්පාරේ සිට ජනතාවට කොළඹ අධිකරණ වෙත පැමිණීමට සිදුවන තත්ත්වය වෙනස් කරමින්, අධිකරණ සේවාව ජනතාවට වඩාත් සමීප කිරීම සඳහා ඉදිරි ප්‍රතිසංස්කරණ සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads