Type Here to Get Search Results !

ටිල්වින්ගෙන් නඩු.. පෙරටුගාමී පක්ෂයට අධිකරණයෙන් වාරණ නියෝගයක්!


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ගම්පහ, යක්කල පාරේ පිහිටි ‘අපේ නිවහන’ පක්ෂ කාර්යාලයේ පවතින තත්ත්වය වෙනස් කිරීම සහ එහි භුක්තිය වෙනත් තුන්වැනි පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහිව ගම්පහ අංක 3 දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ නියෝගය සම්බන්ධයෙන් විත්තිකාර පාර්ශ්වය දැනුවත් කිරීම සඳහා සිතාසි නිකුත් කරන ලෙස ද අධිකරණය නියෝග කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැමිණිලිකරු ලෙස සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

අදාළ දේපළ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් බලහත්කාරයෙන් හා නීතිවිරෝධී ලෙස රැඳී සිටින බවත්, පක්ෂ කාර්යාලයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ දරන බවත් පැමිණිල්ලෙන් සඳහන් කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads