Type Here to Get Search Results !

“බලාපොරොත්තු වූ තරමට සහන දෙන්න බැරි වුණා.. හැබැයි රට සෑම අතින්ම ඉදිරියට ගෙන යනවා” – දේවානන්ද සුරවීර


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජාතික ජන බලවේග ආණ්ඩුවක් ලෙස ජනතාව අපේක්ෂා කළ මට්ටමින් සහන ලබාදීමට තවමත් නොහැකි වී ඇති බව තමන් අවංකව පිළිගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජනතාව බලාපොරොත්තු වූ පමණින් සහන ලබාදීමට නොහැකි වුවද, රට සහ පසුගිය මැතිවරණයේදී ආණ්ඩුවට ජනවරම ලබාදුන් ජනතාව සතුටු විය හැකි මට්ටමකට රට ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම ඇතැම් ක්ෂේත්‍ර මේ වන විටත් යහපත් තත්ත්වයකට පත් කිරීමට හැකි වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විපක්ෂය ඇතුළු පාර්ශ්වයන් ජනතාව බිය ගැන්වීම සඳහා ඉදිරිපත් කළ බවට ඔහු සඳහන් කළ විවිධ අනතුරු ඇඟවීම් සහ චෝදනා මේ වන විට අවසන් වී ඇති බවද දේවානන්ද සුරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads