සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විදේශගත වීම සම්බන්ධයෙන් රජය කිසිදු පළිගැනීමේ ක්රියාමාර්ගයක් අනුගමනය නොකරන බව ප්රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක මහතා පවසයි.
ස්වර්ණවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්යවරයා සඳහන් කළේ, ඇයට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ක්රියාත්මක වෙමින් තිබූ අවස්ථාවක ඇය විදේශගත වන විට කටුනායක ගුවන් තොටුපළේදීම ඇයව නතර කිරීමට අවස්ථාව තිබූ බවයි.
එමෙන්ම, මේ වන විට ඇය රැඳී සිටින රටින් ඇයව ආපසු ගෙන්වා ගැනීමටද හැකියාව පවතින බව අමාත්යවරයා ප්රකාශ කළේය.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරු පුරවැසිභාවය හිමි කාන්තාවක් නොවන බැවින්, ඇය සම්බන්ධයෙන් එරටින් අවසර ලබාගැනීමේදී එවැනි බාධාවක් නොමැති බවද අමාත්යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, වත්මන් රජය ද්වේෂසහගත හෝ පළිගැනීමේ දේශපාලන ක්රියාමාර්ග අනුගමනය නොකරන බවත්, සියලු කටයුතු නීතිමය රාමුව සහ සාමාන්ය ක්රමවේදයන්ට අනුව සිදුකරන බවත් බිමල් රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


